කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පෙරවරු 10 සිට රාත්‍රී 08 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුරු, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුළු ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =