ජායිපූර් නගරය ලෝක උරුම පරිශ්‍රයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ජායිපූර් නගරය ද ලෝක උරුම පරිශ්‍රයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සමඟ ම ඉන්දියාවේ ලෝක උරුම පරිශ්‍ර සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊට සංස්කෘතික දේපල 30 ක්, ස්වභාවික දේපල 7 ක් සහ පොදු දේපල 1 ක් ඇතුළත් වේ.

ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය නිවේදනය කළේ අසර්බයිජානයේ බාකු නුවර පැවති ලෝක උරුම කමිටුවේ 43 වැනි සැසි‍යේදී ජායිපූර් නගරය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

ඉන්දියාවේ රෝස නගරය ලෙස හඳුන්වන ජායිපූර් නගර‍ය රාජස්ථාන් ප්‍රාන්ත‍යේ අගනුවර වන අතර ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය හා සංචාරක කර්මාන්තය හේතුවෙන් ජනප්‍රිය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *