රටේ සාමය සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යයි- හිටපු අමාත්‍ය බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) –ඇමතිධූර ලබා ගැනීමට වඩා තමන්ට රට වැදගත් බවත්, රට තුල සාමය ,ආරක්ෂාව ,සහජීවනය ඇතිකිරීමට කටයුතු කිරීම වෙනුවෙන් තමන් මේ මොහොතේ කැපවන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (08) විශේෂ හමුවක් පවත්වා තිබුනු අතර ඒ සදහා පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා “මේ රට තුළ සහජීවනය සාමය තිබිය යුතු නිසයි අපි සියලු දෙනා ඒ මොහොතේදී අමාත්‍ය ධූරවලින් ඉවත්වුනේ.අපිට ඇමතිකම්වලට වඩා මේ රට වටිනවා.හදිසිනීතිය තිබුනත් දැනටත් ඒවා නොතකා ඇතැම් පිරිස් සීමාව ඉක්මවා කටයුතු කරනවා,කඩාකප්පල් වැඩ කරනවා.සියලු දෙනාටම නීතිය එකලෙස වෙන්න ඕන කියලයි අපි කියන්නේ.
මේ ත්‍රස්ත ක්‍රියා සදහා ගෑවුනු සෑම සියලුදෙනාවම හොයල බලල දඩුවම් කරන්න ඕන.අහිංසක මිනිස්සුන්ට හිරිහැර වෙන එක නතරකරන්න ඕන.මේ රටේ සහජීවනය සාමය කඩාකප්පල් කරන පිරිසක් තමන්ගේ රාජකාරී ඒ ආකාරයෙන්ම කරගෙන යනවා.ඒ අය ගැන මේ රටේ කවුරුත් කතාකරන්නෙවත් හොයල බලන්නෙවත් නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − one =