වොෂින්ටන් නුවරට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ වොෂින්ටන් නුවරට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජලගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. එසේම ඇතැම් ප්‍රදේශවලට හදිසි ගංවතුරු අනතුරු ඇඟවීම් ද එරට ජාතික කාලගුණ සේවය විසින් සිදු කර ඇත.

මෙම තත්ත්වය මත අගනුවර පිහිටි රාජ්‍ය ලේඛනාගාරයට ද හානි සිදුව ඇතැයි වාර්තා වේ. ජලගැලීම්වලින් ලේඛනාගාරයේ කොටසක් ගිලී ගොස් ඇතත්, එහි ඇති වැදගත් ලිපිගොනු සියල්ල ආරක්ෂිතව ගබඩා කිරීමට හැකිව ඇති බව අමෙරිකානු වාර්තා පවසයි.

අමෙරිකාවේ වොෂින්ටන් ඩී සී අගනුවර වෙත දරුණු පිටාර තත්ත්වයක් බලපා තිබේ.

අඟල් තුනත් හතරත් අතර ප්‍රමාණයක අධික වැසි සමඟින් මෙලෙස අගනුවර වීදි පිටාර ගොස් ඇති අතර ඒ සඳහා ගතවී ඇත්තේ ඉතාමත් කෙටි කාලයකි.

හදිසි පිටාර තත්ත්වයත් සමඟින් මහාමාර්ග රැසක් අවහිර වී ඇති අතර මහා මාර්ගවල ගමන්කරමින් පැවැති රථ වාහන නතර වී ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු කාලගුණ අංශ ජනතාවට අනතුරු අඟවමින් පවසා ඇත්තේ හැකිතාක් නිවසට වී කාලය ගතකරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × three =