අද කාලගුණයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද(09) දිනයේ සිට දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍ර‍‍දේශවල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල තැනින් තැන සවස 2 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *