MCC ප්‍රධාන විධායකගෙන් අගමැතිට ප්‍රශංසා

(කොළඹ, ලංකාපුවත්) –මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් මෑතකදී දිවුරුම් දුන් සියෑන් කේන්ක්‍රෝස් මහතා, එම නියෝජිතායතනයේ ප්‍රතිලාභී රටක් වශයෙන් තෝරා ගනු ලැබ ඇති ශ්‍රී ලංකාවට අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව පවසා තම සුභ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

“මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන විධායක වශයෙන් මාගේ සුභාශිංසන ඔබ වෙත පිරිනමමි. පසුගිය ජුනි මස 24 වැනිදා මා එම ධුරයේ දිවුරුම් දුන් අතර එවන් විශිෂ්ට නියෝජිතායතනයක් සහ නිපුණ කාර්ය මණ්ඩලයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. ප්‍රවාහනය හා භූමි පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ගැටලු අවම කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ව එළඹෙන ලද, යෝජිත ඩොලර් මිලියන 480 ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය තවදුරටත් කැප වන බව දැනුම් දෙනු කැමැත්තෙමි. මෙවන් තීරණාත්මක අවධියක, නිශ්චිත කාලයේදී මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අපි උනන්දු වන්නෙමු. ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිවෘද්ධිය තහවුරු කරමින් දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් අප දෙරට සතු වන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔබතුමාගේ නායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරමි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *