කීත් නොයාර් ඝාතන තැතටත් හමුදා බුද්ධි නිලධාරියා සම්බන්ධයි

(කොළඹ, ලංකාපුවත්) –ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදී‍මට සෘජුවම සම්බන්ධ යැයි රිමාන්ඩ් භාරයේ පසුවන යුද හමුදා බුද්ධි අංශ නිලධාරිවරයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා ඝාතනයට තැත් කිරීම හා පහරදීම සම්බන්ධයෙන් අවශ්‍ය බැවින් එම බුද්ධි අංශ නිලධාරියා වන ලලිත් රාජපක්ෂ නමැත්තා නැවත අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා‍ගේ උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි ‍අබේසේකර මහතාට ඊයේ (9) ලිඛිත දැනුම් දීමක් කෙළේය.

සැකකරු වන ලලිත් රාජපක්ෂ නමැති යුද හමුදා බුද්ධි නිලධාරිවරයා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමටත් සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙතට ඉදිරිපත් කැර තිබුණ උදෘත අධ්‍යනය කිරීමෙන් පසු මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම හා මිනීමැරීමට තැත් කිරීම පිළිබඳව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත්ව තිබෙන බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවාය. සැකකරු ලලිත් රාජපක්ෂ මහතා ඉකුත් 7 වැනි දා අපරා පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *