බන්ධනාගාරයට බුද්ධි ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) –බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වෙන් රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව බන්ධනාගාර ආඥාපනත පරිදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය බලතල හා පාලනයට යටත්ව බන්ධනාගාරයේ ඵලදායී පරිපාලනය හා විනය පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම බුද්ධි ඒකකය පිහිටුවීමට තීරණය කර ඇත.

මේ සඳහා වන යෝජනාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *