වියළි කාළගුණය නිමාකරමින් වැසි

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර තත්වයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත්, 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරුවේ වැසි ඇති වීමේ හැකියාව පවතියි.

මාස 06 කට අධික කාලයක් පොළොන්නරුවට පැවති වියලි කාලගුණ තත්ත්වය නිමා කරමින් වැලිකන්ද ප්‍රදේශයට සහ ඒ අවට ගම්මාන කිහිපයකට ඊයේ පස්වරුවේ වැසි ඇද හැලී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *