IOC ඉන්ධන මිලත් පහළ දමයි

(කොළඹ, ලංකාපුවත්) –මාසිකව සලකා බැලෙන ඉන්ධන මිල සූත‍්‍රය අනුව IOC සමාගම ද ඊයේ (10) මධ්‍යම රාති‍්‍රයේ සිට සිය ඉන්ධන මිල පහත දමා තිබේ. එම සමාගම ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 03කින්ය.

ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 144ක් වනු ඇත.

ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහත දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ ලීටරයකට රුපියල් 162කි.

IOC සමාගමේ සුපර් ඞීසල් ලීටරයක මිල ද රුපියල් 05කින් පහත දමා තිබේ. ඒ සමග සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් වනු ඇත.

කෙසේවෙතත් IOC සමාගම ද ඔටෝ ඞීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ.

මිල සූත‍්‍රය අනුව සිදු කළ සමාලෝචනය පරිදි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ද ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට අඩු කෙරුණි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මිල අඩුකර ඇත්තේ ලීටරයක් රුපියල් 2කින්. ඒ අනුව එහි නව මිල රුපියල් 136ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් සහ සුපර් ඞීසල් මිල ලීටරයක් රුපියල් 5 කින් අඩු කරන බව මුදල් අමාත්‍යංශය පැවසීය. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක් ද සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 131ක් ද වේ. කෙසේ වෙතත් ඔටෝ ඞීසල් මිල මෙවර සංශෝධනයක් සිදුවූයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + thirteen =