අගමැතිට හිටපු නේපාල අගමැතිගෙන් ප්‍රශංසා

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කෙටි කලක් තුළ නීතියේ රැහැනට හසුකර ගනිමින් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කරයි.

ඊයේ (11) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව නැවත වතාවක් සිය කණගාටුව පළ කරන බවද නේපාල හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා පැවසීය. මෙහිදී දෙරට මුහුණපා සිටින සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *