ගාලු වරායට ආසන්න මුහුදේ දී විදෙස් යාත්‍රාවකින් හෙරොයින් කිලෝ 60ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – සැක කටයුතු ලෙස ගාලු වරායට ආසන්න මුහුදේ තිබූ විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂාවට ලක් කෙරුණු මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බවත්, එහිදී එම යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අදාළ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ගාලු වරායට රැගෙන විත් ඇති බව සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 4 =