දුම්රිය නැවතත් වැඩවර්ජනයකට අර අඳී

(කොළඹ, ලංකාපුවත්) – අනියම්, ආදේශක තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් සේවයේ ස්ථිර නොකර, දේශපාලන පත්වීම් මඟින් අලුතින් සේවක පිරිසක් බඳවා ගතහොත් එය තවත් දුම්රිය වර්ජනයකට අතවැනීමක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන 1,500ක් පමණ වන අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයින් සේවයේ ස්ථිර නොකර, අලුතින් සේවක පිරිසක් බඳවා ගැනීමට සූදානමක් ඇති බවත් එසේ කළහොත් වසර 5කට අධික කාලයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවය කරන 1,500ක් පමණ වන සේවකයින්ට ඉන් බරපතළ හානියක් සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එසේම සේවයේ ස්ථිර කර නොමැති සේවකයින් සිටියදීත් දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට කටයුතු කිරීම අනුමත නොකරන බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *