(කොළඹ, ලංකාපුවත්) –උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා පක්ෂ තුනක් සන්ධාන ගතවී එයට අදාළ අවබෝධතා ගිවිසුමකට ඊයේ(11) අත්සන් කරනු ලැබීය.
ලංකා කම්කරු කොන්ග්රසය, ප්රජාතන්ත්රවාදී ජනතා කොන්ග්රසය, ප්රජාතන්ත්රවාදි විමුක්ති පෙරමුණ යන පක්ෂ එක්ව මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරිණ.
එහිදී ලංකා කම්කරු කොන්ග්රසය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් අනුෂා සිවරාජා මහත්මිය, ප්රජාතන්ත්රවාදී ජනතා කොන්ග්රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ප්රභා ගනේෂන්, ප්රජාතන්ත්රවාදී විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් අයි. කදිර් යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදි.