වෙරළ වටා ඇති කැඩීබිදී ගිය යාත්‍රා ඉවත් කිරීමට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – පාරිසරික හානියට මෙන්ම උත්ගතවී ඇති ඩෙංගු උවදුරටත් පිළියමක් ලෙසත් වෙරළ වටා ඇති කැඩීබිදී ගිය බහුදින යාත්‍රා මේ වසර නිම වෙන්නට පෙර වෙරළ තීරයෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම ,ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති පි.හැරිසන් මහතා අදාල නිළධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මෙලෙස භාවිතයෙන් ඉවත් කරන ලද බහුදින ධීවර යාත්‍රා ගැඹුරු මුහුදේ ගිල්වා මත්ස්‍ය ඒකරාශී ඇටවුම් සකස්කරන ලෙසත් මෙමගින් මත්ස්‍ය සම්පත වර්ධනයට මෙන්ම පාරිසරික හානිය අවම කිරීමටත් හැකියාවක් ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා කියයි.

භාවිතයෙන් ඉවත්කල බහුදින ධීවර යාත්‍රා ඉවත් කිරීම මගින් වරාය පරිශ්‍රයේ ඉඩපහසුකම් ලබාගැනීම සමගම නොදිරන අපද්‍රව්‍යයක් වශයෙන් පවතින ෆයිබර් ග්ලාස් පරිසරයට මුදා හැරීමෙන් වන පාරිසරික හානිය අවම කරගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත් කොරල්පර වැනි පරිසර පද්ධති වෙනුවට විකල්ප පරිසර පද්ධති ඇතිකිරීමෙන් මත්ස්‍ය අභිජනන ස්ථාන වැඩිකිරීම තුළින් මත්ස්‍ය ගහන වැඩි කිරීමත් මෙමගින් තමන් අපෙක්ෂා කරන බව ද ඇමැති පී.හැරිසන් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + eighteen =