කලමැටිය ධීවරයින් ඇමති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය ජූනි25 වන දා කලමැටිය ධීවර වරායේ ධීවර බොට්ටු 27ක් ගිනිගෙන විනාශයට ලක්වූ අතර එහි ධීවරයන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා අමාත්‍යාංශයේදී හමුවී තම ගැටලු ඉදිරි පත් කළේය.

ඔවුන් ඇමැතිවරයාට පැවැසුවේ තම ධීවර යාත්‍රා සඳහා සාධාරණ රක්ෂණ වන්දියක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව බෝට්ටු රක්ෂණය සිදු කළ සමාගම් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක නිරත වූ අතර අමාත්‍යවරයා සමාගම් වෙතින් ඉල්ලීමක් කලේ මෙම ධීවරයින් වෙත සාධාරණය ඉටු කරන ලෙසයි..මෙහිදී රක්ෂණ සමාගම් පෙන්වා දුන්නේ රක්ෂණ කාල සීමාවට පසු මෙම ගිනි ගැනීම සිදුව ඇති බවත් මේ වෙනුවෙන් තම පාලනාධිකාරිය සමග සාකච්ඡාකොට වන්දියක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එමෙන්ම කලමැටිය ධීවර වරාය විවෘතයට පෙර මෙම ධීවරයන්ගේ ගැටලුව කඩිනමින් විසදන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර සානුකම්පිතව සිතාබලා හානිපුර්ණය කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් බොට්ටුවලට අමතරව දැල් ආම්පන්න ලබා දෙන ලෙසත් උපදෙස් ලබාදෙන ලදී.

කලමැටිය සිදුවූ මෙම අනතුරත් සමග ඉදිරියේදී ලංකාව වටා පිහිටි නැංගුරම් පොලවල් 960 සදහා රාත්‍රී විදුලි ආලෝකය ලබාදීමටත් තොටුපල සමිති සක්ක්‍රීයකොට ආරක්ෂාව සදහා වැඩපිලිවෙලක් දියත් කරන ලෙස අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදී.

මේ අතර පසුගිය දා අම්බලන්තොට ප්‍රදේශයෙන් දියඹට ගොස් මාලදිවයින් අත්තඩංගුවේ පවතින බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ ඥාතීන්ද අමාත්‍යවරයා මුනගැසිණ.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතුහි නිරත වීමට මෙම ධීවරයන්ට බලපත්‍ර නොමැති බවත් මෙහිදී අනාවරණය වු අතර ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා උප්පැන්න සහතික හා හැදුනුම්පත් මාලදිවයින වෙත කඩිනමින්ම යොමු කරන ලෙස අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට රජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා ඇතුලු නිළධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *