ගංවතුර නිසා මියගිය සංඛ්‍යාව 65 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නේපාලයේ, ඉන්දියාවේ සහ බංගලාදේශයේ ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් තිස් අටදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගංවතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු අතුරදන්ව ඇතැයි සදහන් වේ. දසදහසක පමණ පිරිසක් අවතැන්වී ඇති බව ද වාර්තා වේ.

ගංවතුරින් මාර්ග සහ පාලම් රැසකට දැඩි හානි සිදුව තිබේ. ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී ඇත. විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා තිබේ.

මේ දිනවල දකුණු ආසියානු කලාපයට ඇඳ හැලෙන මෝසම් වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉදිරි දිනවල දී තවත් තද වැසි ඇතිවනු ඇති බවට කාලගුණ ඒකක අනතුරු අඟවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *