ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප

(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික තව්හිත් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ඇප මත මුදා හැරිම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශන වාර්තාවලින් එළිදරව් වන කරුණු වලට අනුව ඔහුට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ලිපියක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම ඇප් නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය. අනතුරුව නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවීමට ද අධිකරණය නියම කරනු ලැබීය.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක වශයෙන් කටයුතු කරමින් එම සංවිධානයට අයත් වීඩියෝ පට හා සංයුක්ත තැටි තබාගෙන කිසියම් අපරාධ ක්‍රියාවක නිරත වීමට සූදානම් වීම සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසිය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *