වනාන්තරවල වෙසෙන අලි ඇතුන් ගැන සමීක්ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රි ලංකාවේ වනාන්තර වල ජීවත් වන අලි ඇතුන් පිළිබද දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට වන ජිවී දෙපාර්තුමේන්තුව තිරණය කර ඇත.

ඒ සදහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

මේ සමීක්ෂණය සදහා මෙවර විශ්ව විද්‍යාල සිසුන් ද සහභාගී කර ගැනීමට නියමිතය.

මෙවර සිදු කරන සමීක්ෂණය මගින් අලි ඇතුන් වැඩිවීමක් සිදු වී ඇත් ද? නැතහොත් අඩු වීමක් තිබේද? යන්න සොයා බලනු ලැබේ.

වසර 2011 දී කළ සමීක්‍ෂණයට අනුව අලි ඇතුන් 5879ක් සිටින බවත් එහිදී දළ ඇතුන් 122ක් වැඩිහිටි 3285ක් තරුණ 1485ක් පැටව් 731ක් ළඳරුවන් 376ක් ජීවත්ව සිටින බවටත් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *