බැංකු ණය පොළිය 10%ක් දක්වා අඩු කිරීමේ සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) –මෙම මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොළිය 12% සිට 10% දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2,000කට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“2019 ජනවාරි මාසයේ දී ලෝන්ලි ප්ලැනට් සඟරාව කිව්වා ලෝකේ හොඳම සංචාරක ස්ථානය ලංකාව කියලා. බෝම්බෙන් පස්සේ මම හිතුවා ඒක ඉවරයි කියලා. ජූනි මාසයේ ආපහු කියනවා, ලෝන්ලි ප්ලැනට් සඟරාව, තාමත් හොඳම තැන ලංකාවයි කියලා. පළවෙනි තැන.“

“බාලි බෝම්බවලින් පස්සේ බාලිවලට එන්න අවුරුදු දෙකක් ගියා. මම කිව්වා එච්චර යන්න බැහැ. අපේ ජනතාව ජීවත් වෙනවා, කොහොම හරි ඔයගොල්ල ගිහිං, මිනිස්සු කර උඩ දාගෙන හරි මෙහාට ගේන්න කියලා. දැන් කොහොමත් කර උඩ දාගෙන වැඩක් නැහැ, ගුවන්යානාවලින්ම මෙහාට එනවා.“

“මම එකක් කියන්න කැමතියි. මේ මාසයේ අන්තිම වෙන්න ඉස්සෙල්ලා, බැංකු ණය පොළිය අඩුවෙනවා 12% ඉඳන් 10%ට. ඒ කියන්නේ Prime lending rate එක 10%ට අඩු වෙනවා. අනිත්වා 12%ට වැඩි වෙන්නේ නැහැ. 10%කින් අපි නවත්වන්නේ නැහැ. මම කියලා තියෙන්නේ මේක 9%කටවත් අඩු කරන්න, 8%කටවත් අඩුකරන්න.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *