පාන් මිල රුපියල් 05කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව කියා සිටියේය.

ඊයේ(16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය සාපේක්ෂව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ හේතුව නිසාවෙන් ලංකාවේ පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, මෙයට විශේෂිත හේතුව වන්නේ පිටි මිල ඉහළ යෑම බවත් වෙන විකල්පයක් බේකරිහිමියන්ට නොමැති බවත් ඔහු පැවසීය.

මිල වැඩි කිරීම පාන්වලට පමණක් මෙය බලපාන අතර, අනෙකුත් පොඩි ආහාර සඳහා කිසිදු මිල වැඩිකිරීමකට සංගමයෙන් එකඟතාවයක් මෙතෙක් ලැබී නොමැති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *