පොලිස් කොමිසමේ ලේකම්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ඇප ලබා දෙන්නැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අද (17) ප්‍රතික්ෂේප කළේය.

සැකකරුට එරෙහිව ගිණි අවි ආඥා පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔහුට ඇප ලබාදීමට තම අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ගාල්ල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වළක්වා ඇප ලබාදෙන ලෙස සමන් දිසානායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාලව ගිනි අවි ආඥා පණත යටතේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති , පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුලු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *