යුරෝපා කොමිසමේ සභාපති පුටුව කාන්තාවකට

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපා කොමිසමේ සභාපති තනතුරට ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේන් තේරී පත්වී තිබේ. එහි මන්ත්‍රීවරුන් අතර පැවති රහස් ඡන්දයකින් අනතුරුව ඇය මෙසේ තේරී පත්වී ඇත.

ඒ අනූව, යුරෝපා කොමිසමට තේරී පත්වූ ප්‍රථම කාන්තා සභාපතිවරිය ඇයයි. උර්සුලා වොන් ඩර් ලේන් ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වේ. හිටපු සභාපති ෂොන් ක්ලෝඩ් ජන්කර් වෙනුවට, උර්සුලා මෙලෙස පත්ව ඇත.

ජයග්‍රහණය සඳහා ඇයට අවශ්‍ය වූ ඡන්ද සංඛ්‍යාව 374කි. ඡන්ද විමසීමේ දී එම සංඛ්‍යාව අභිබවා ඇයට පක්ෂව ඡන්ද 383ක් ලබාගැනීමට හැකිවිය. විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 327කි.

ඔබ හා කෙරෙහි තැබූ විශ්වාසය සමස්ත යුරෝපය කෙරෙහිව තැබූ විශ්වාසය බව ඇය ඡන්ද විමසීමෙන් අනතුරුව සභාව අමතමින් කියා සිටියාය. නැගෙනහිර සිට බටහිරටත්, දකුණේ සිට උතුරටත් එක්සත් හා ශක්තිමත් යුරෝපයක් ගොඩ නැගීම විශ්වාස කළයුතු බව, ඇය එහි දී වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *