SLIITආයතනයේ අතිනවීන පර්යේෂණ සඳහා මිලියන 125ක ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – උපාධි ප්‍රදානය කරනු ලබන මෙරට දැවැන්තම ආයතනයක්වන SLIIT හි පර්යේෂණවලින් පොහොසත් පරිසරයත් ඒ සඳහාකැපවූශිෂ්‍යප්‍රජාවත්ක්‍රියාශීලි කාර්ය මණ්ඩලයත් අගය කරමින් අතිනවීන පර්යේෂණ සඳහා SLIIT ආයතනය රු. මිලියන 125ක ප්‍රදානයන් හිමිකර ගත්තේය.

SLIIT හි අධ්‍යන පීඨවලට අනුබද්ධ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් ලෝක බැංකුවේ අරමුදල් සපයන උසස් අධ්‍යාපන ව්‍යාපෘතිය හා සංවර්ධන වැඩසටහන (AHEAD) වෙතින් පර්යේෂණ ප්‍රදාන කිහිපයක් හිමිකර ගත්තේය. එහිදී ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම, විවිධාංගීකරණය කිරීම හා සංවර්ධනය කිරීම වෙනුවෙන් SLIIT ආයතනය AHEAD වැඩසටහනේ “පර්යේෂණ ප්‍රවර්ධනය, සංවර්ධන හා නවෝත්පාදන“අංශයට කරන ලද යෝජනා අනුව මේ වසරේදී රුපියල් මිලියන 42.5 ක ප්‍රදානයන් හිමිවිය.

SLIIT ආයතනය විසින් AHEAD පර්යේෂණ ප්‍රදාන හතරක් ලබාගෙන ඇති අතර ඉන් තුනක් සංවර්ධන දිශානති පර්යේෂණ (DOR)සඳහා වන අතර එකක් පර්යේෂණ, නවෝත්පාදන හා වාණිජකරණය (RIC‍)ව්‍යාපෘති වෙනුවෙනි. ඒ අනුව AHEAD වැඩසටහන් නීතිරීති වලට අනුව එක්ආයතනයකට වෙන් කළහැකි උපරිම මුල්‍ය ප්‍රධානයන් AHEAD වෙතින් දිනා ගැනීමට SLIIT ආයතනය සමත්ව ඇත.

ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක්වන එක්සත් රාජධානියේ විශාලතම සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයා වන Bentley Motors Ltd,SLIIT ආයතනය සමග Bentley නිෂ්පාදනවල අංශ කිහිපයක ඉංජිනේරු විශ්ලේෂණයන් සිදුකිරීම සඳහා සහයෝගීතා උපදේශනයක් ආරම්භ කළහ. එහිදී මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙන වසර හතරක කාලය සඳහා රුපියල් මිලියන 43ක පර්යේෂණ ප්‍රදානයක් SLIIT ආයතනය වෙත පිරිනැමිණි.

Bentley CAE පර්යේෂණ ඒකකය SLIITහි ඉංජිනේරු පීඨය හරහා පවත්වනු ලබන මෙම පර්යේෂන කාර්යයේදී වර්තමාන සංවර්ධන ගැටළු අනුව ඔවුන්ගේ වාහනවල විශේෂයෙන්ම වාහනවල ගතිකතාවය, ප්‍රාථමික සහ ද්විතීක ගමන් වල සුවපහසුව, සහ වාහනවල කම්පනය සඳහා විසඳුම් සෙවීම සිදු කෙරේ.

තවද මෙමගින් SLIIT උපාධි සහ පශ්චාත්උපාධි පාඨමාලා තුළින් ලබා ගත් දැනුම හුවමාරු කරගැනීමේ ප්‍රතිලාභී අවස්ථාව සිසුන්ට හිමිව තිබේ.

මේපිළිබඳවඅදහස්දක්වමින්SLIIT හිඋපකුලපති / ප්‍රධානවිධායක මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ සඳහන් කළේය.

“නවෝත්පාදනදැනුමඉදිරිදශකයේදී ආර්ථීකයේශක්තියවනුඇතැයි SLIITඅපිවිශ්වාසකරනවා. එම නිසා ඉගැන්වීම සහ පර්යේෂණ ඒකාබද්ධ කිරීම කිසිසෙත් අවතක්සේරු කළ නොහැකියි. අපගේඋත්සාහය තුළින් පර්ය්ෂකයන්ට මෙන්ම ගුරුවරුන්ටද ව්‍යාපෘතිවල අත්දැකීම් බෙදාහදා ගත හැකි පර්යේෂණ ගෙන එනවේදිකාවක් නිර්මාණය කර දී තිඛෙනවා. මේඅනුවසිසුන්ට පර්යේෂකයන් කණ්ඩායමක කොටසක් ලෙස කටයුතු කරමින් විෂය ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය ඉගෙන ගත හැකි අතර ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළ පර්යේෂණ සිදුකරනආකාරය අත්විදීමට අවස්ථාව හිමි වී තිඛෙනවා.“

තවදරටේ සංවර්ධනයට සහායවීම සඳහාබිම්මට්ටමේ පර්යේෂණ සඳහා පහසුකම් සපයන SLIIT ආයතනයට මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා ලිමිටඩ් වෙතින් රු. මිලියන 22 ක ප්‍රදානයක් හිමිවිය. චීන ඉදිකිරීම් ආයතනයක්වන එම ආයතනය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, දැනට ක්‍රියාත්මකවන පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට සේවය සපයයි.

මේ අතර කැපිටල් එලායන්ස් ලිමිටඩ්(CAL) වෙතින් මූල්‍ය පර්යේෂණ කටයුතු සඳහා SLIIT වෙත රු. මිලියන 12 ක ප්‍රදානයක් සිදු කළේය. CAL ව්‍යාපෘති මූල්‍ය දත්ත විශ්ලේෂණ හරහා ප්‍රධාන මූල්‍ය දර්ශක පිළිබඳ ප්‍රයෝජනවත් අනාවැකි පළකිරීම සඳහා පර්යේෂණ කටයුතු මෙහිදී සිදුකෙරෙයි. එහිදී දූරදර්ශී ආයෝජන තීරණ ගැනීමට දත්ත විශ්ලේෂණ අනාවැකිවලින් ලබාගත් දැනුම අදාළකර ගැනීම මෙහි අරමුණයි.

පෞද්ගලික රාජ්‍ය හවුල්කාරිත්වය යටතේ SLIIT ආයතනයට පර්යේෂණ නිබන්ධනය ක් පදනම් කරගෙන අධ්‍යයනයක් කිරීම සඳහා රුපියල් මිලියන 4.7 ක අරමුදල් ද හිමිවිය. එහිදී ඉදිකිරීම් බදාමවල ජල කාන්දුව අවම කරවන තන්තුමය බදාමයක් නිපදවීම පිළිබඳව පර්යේෂණ සිදු කෙරේ.

එලෙසම SLIIT ආයතනයට මෑතකදී NRCයෙන් රුපියල් මිලියන 3 ක ප්‍රදානයක් ද හිමිවිය. ඉංජිනේරු පිඨයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ප්‍රදානය කරන ලද මෙම ප්‍රදානය මඟින් ගංවතුර පාලනය හා භෞතික විෂමතාවයට ගැලපෙන පරිදි කොළඹ ඇළ මාර්ග නිර්මාණය සහ පාරිසරික පුනරුත්ථාපනය කිරීම සඳහා පර්යේෂණ අරමුදල්සපයනු ලබයි.

ශ්‍රී ලංකාව තුළයටිතල පහසුකම් තිරසාර බව සහතික කිරීම සඳහා මුලපිරීමට දායකවෙමින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහය ඇතිව SLIIT හිසිවිල්ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විමර්ශකයෙකු විසින් පර්යේෂණ සිදුකරනු ලැබේ. එහිදී “ජීවනචක්‍රීයප්‍රවේශයක්භාවිතාකරමින්යටිතල පහසුකම්වල තිරසාර බව අනුකරණය කිරීම සඳහා ආකෘතියක් සංවර්ධනය කිරීම්“ මාතෘකාව යටතේ සිදුකෙරෙන මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ කවුන්සිලය රුපියල්මිලියන 2.25 ප්‍රදානයකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *