හිසෙන් බද්ධව සිටි දරුවන් දෙදෙනා වෙන් කරයි

(කොළඹ, ලංකාපුවත්) – හිසෙන් බද්ධව සිටි අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවන් දෙදෙනකු සාර්ථක සැත්කමකින් වෙන් කිරීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් සමත් වී තිබේ.

මෙම සැත්කමට මුහුණ දී ඇත්තේ 2017 වසරේ උපන් පාකිස්තාන ජාතික සාෆා සහ මර්වා යන දරුවන්ය. දරු උපත් මිලියන 2.5කට හිසෙන් බද්ධ වූ මෙවැනි එකක් සිදුවන බව මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරු සඳහන් කරති.

මාස පහක් පුරා සැත්කම් මාලාවකට මුහුණ දීමෙන්පසු සිදු කළ පැය පනහක සැත්කමකින් මෙම වෙන් කිරීම සිදු කෙරිණි. ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මධ්‍ය හමුවේ ඔවුහු ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − five =