2019 කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය වාර්තා වේ

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම පසුගිය 15 වැනිදා වන විට රුපියල් බිලියන 9 සීමාව ඉක්මවූ අතර එය 2019 වර්ෂයේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම පිරිවැටුම ලෙස හැඳින්විය හැකිය.

LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සිදුවූ කොටස් ගනුදෙනු කිහිපයක් හේතුවෙන් මෙම දෛනික පිරිවැටුම ඉහළ ගොස් තිබේ. එම දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 9.35ක් වූ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 17.42කින් ඉහළ ගොස් දිනය අවසානයේදී ඒකක 5,587.36ක් ලෙසින් සටහන් විය.

ගෙවුණු සතිය අවසානය වන විට 2019 වසරේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 530ක් ලෙසින් සටහන් වූ අතර 2019 වර්ෂය තුළදී රුපියල් මිලියන 100ට වඩා අඩු ගනුදෙනු පිරිවැටුම් සිදුවූ දින 3ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *