අර්ජුන් ඇලෝසියස්ට ඇප

(කොළඹ, ලංකාපුවත්) –පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණයේදී අධි චෝදනා භාර දෙමින් අද(19) ඇප මත මුදා හැරිණු ලැබීය.

ඒ, ශී‍්‍ර ලංකා මහබැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදුවී ඇතැයි කියන වංචාවට අදාළව නීතිපතිවරයා විසින් ගොණු කර ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදීය. එහිදී මෙහි පළමු විත්තිකරු ලෙස නම් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ 10 වන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් හත්දෙනාට අධිචෝදනා භාර දෙමින් ඇප මත මුදා හැරීමටයි මෙහිදී නියෝග කෙරුණි.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් හත්දෙනා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලදි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදි අධිකරණයට කරුණු පැහැදිලි කිරීමක්ද සිදු කළේය. අදාළ නඩුව යළි ලබන 24 වනදා කැදවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *