තිරිඟු පිටි මිල එකවර රු. 8කින් වැඩිවීම ගැන අගමැති වර්තාවක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –තිරිඟු පිටි මිල එකවර රුපියල් 8කින් වැඩිවීම සම්බන්ධයෙන් වහාම සොයා බලා වාර්තා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (18) දැනුම් දුන්නේය.

මෙම මිල වැඩිවීම සිදුවූයේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා බලන ලෙසත් රජයේ ජීවන වියදම් කමිටුවට අමතරව පාරිභෝගික සේවා අධිකාරිය ද මෙවැනි ඉහළ මිල වැඩිකිරීමකට වගකිව යුතුදැයි සොයා බලන ලෙස ද අගමැතිවරයා උපදෙස් දී තිබේ.

කාලයක් තිස්සේ තිරිඟු පිටි සමාගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුව දැක්වූ ප්‍රතිචාරය ද සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී තිබේ .

ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිළ ඉහළයාමත් ඩොලරයේ අගය ඉහළ යාමත් මත සුළු මිලකින් පිටි මිල ඉහළ දැමීමට ඉඩ දුන්නේ නම් මෙවැනි වැඩි මිලකින් පිටි මිළ ඉහළ දැමීමට සිදු නොවනු ඇතැයි ද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙ.

මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා රැස්වෙන ජීවන වියදම් කමිටුව අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම ගැන තීරණය ගන්නා අතර තිරිගු පිටි මිල ඉහළ දැමීම ගැන රජයේ ජීවන වියදම් කමිටුව ප්‍රතිචාර දැක්වූවේ කෙසේදැයි වාර්තා කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *