පාන් ගෙඩියෙ ඉහළ දැමු මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 17වනදා මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමු ග්‍රෑම් 450 ක් වු පාන් ගෙඩියක මිල ඊයේ(18) රාත්‍රියේ සිට නැවත පැරණි මිල ගණන් යටතේ අලෙවි කිරිමට තිරණය කර ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමීමට සමගාමිව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් සිදුවන බව මීඨ පෙර එම සංගමය පැවසීය.

මේ හේතුවෙන් පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, විකල්පයක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් තිරිඟු පිටි මිල වැඩි කිරීම නීති විරෝධි බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු තිරිඟු පිටි සඳහන් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම් සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට ද නියම කෙරිණ. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ, අංක 20(5) වගන්තිය යටතේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *