තැපැල් වර්ජනය ගැන අගමැති සමඟ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් වර්ජනය සම්බන්ධයෙන් අද(22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තැපැල් සේවක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ එච් එම් හලීම් මහතා සඳහන් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයන් ඊයේ(21) මධ්‍යම රාතී‍්‍රයේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. තැපැල් වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ‍වේ.

මීට පෙර ද මධ්‍යම තැපැල් හුවමාරු සේවකයන් පැය 48 ක වර්ජනයක් සිදුකළේය. ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *