අයිස් කුට්ටියක් ඇදගෙන එයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පානීය ජලය ලබාදීම සඳහා ඇන්ටාක්ටිකාවෙන් විශාල අයිස් කුට්ටියක් ඇදගෙන ඒමට කටයුතු කරන බව වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් මිලියන එකසිය පනහක් (150) අදාල ව්‍යාපෘතියටවියදම් වන අතර මුලික පරීක්ෂණ කටයුතු සඳහා පමණක් ඇමරිකානු ඩොලර් අසූවක (80) මුදලක් වැය කිරීමට සිදු වේ.

අයිස් කුට්ටිය ඇදගෙන ඒම සඳහා මාස දහයක කාලයක් ගත වනු ඇති බවත් ෆුජයිරා වෙරළේ සිට කිලෝමීටර් තුනක දුරකින් අයිස් කුට්ටිය ස්ථාන ගත කරන බව ජාතික උපදේශන කාර්යංශ සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ, අබ්දුල්ලා අල්-ෂෙහි ප්‍රකාශ කළේ ය.

කිලෝමීටර් 2.5ක් දිග පාවෙන අයිස් කුට්ටියක් චන්ද්‍රිකා තාක්ෂණයෙන් තෝරා ගෙන ලෝහ පටියකින් ඇදගෙන ඒමට අදහස් කර ඇති බවත් ගමනාන්තයට පැමිණෙන විට අයිස් කුට්ටියෙන් 30%ක ප්‍රමාණයක් දියවන බව අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *