මාලිංග එක්දින පිටියෙන් සමු ගැනීම ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) – එක්දින ක්‍රිකට් පිටියෙන් තමා සමු ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග පවසයි.

ඔහු සඳහන් කරන්නේ ලබන 26 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි එක්දින තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තමා සූදානම් වී ඇති බවයි.

ඒ අනුව පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, දෙවන එක්දින තරගය 28 වැනිදාත් පැවැත්වේ. අවසන් එක්දින තරගය පැවැත්වෙන්නේ 31 වැනිදායෙ.

2004 වසරේ ජූලි මස 17 වැනිදා එක්දින වරම් දිනා ගන්නා ලසිත් මාලිංග මේ දක්වා තරග 225 කදී ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. එහිදී කඩුළු 335 ක් දවා ගැනීමට ඔහු සමත් වී ඇති අතර කඩුළු 5 බැගින් දවාගත් අවස්ථා 8 ද ඊට ඇතුළත්ය. දකුණු අපි‍්‍රකාවට එරෙහිව පන්දු 4 කදි කඩුළු 4 ක් බිද හෙළමින් එබැවින් දස්කමක් දැක්වූ ලොව එකම කී‍්‍රඩකයා බවටද මාලිංග පත්ව තිටබ්. ඔහු කි‍්‍රකට් පිටියේදී හදුන්වන්නේ යෝකර් පන්දු යැවීමේ රජු ලෙසයි.

එක්දින කි‍්‍රකට් පිටියේ එක් අර්ධ ශතකයකටද මාලිංග හිමිකම් කියනු ලැබේ. 2010 වසරේදී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඔහු රැස් කළ එම අර්ධ ශතකය හේතුවෙන් මේ දක්වා බිද හෙළීමට නොහැකි වූ ලෝක වාර්තාවක් ද බිහි වී තිබීම විශේෂත්වයකි.

ලසිත් මාලිංග මීට පෙර ටෙස්ට් කි‍්‍රකට් පිටියට සමු දුන් අතර තවදුරටත් විස්සයි විස්ස කි‍්‍රකට් පිටියේ රැදී සිටීම ඔහුගේ අපේක්‍ෂාවයි. මේ අතර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු ලසිත් මාලිංග ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යාමට සූදානමක් ඇති බවටද වාර්තා පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *