සංශෝධිත කි‍්‍රකට් ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –සංශෝධිත කි‍්‍රකට් ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තුවට අද(23) ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව එය සකස් කර තිබේ. ඒ අනුව පස්වරු 3 ට යෝජනාවලිය ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර කි‍්‍රකට් විධායක කමිටු රැස්වීම අද පැවැත්වේ. නුවන් කුලසේකරට සමුගැනීමේ තරඟයක් ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය. කි‍්‍රකට් පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *