නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට පෙර කළ ඉල්ලීම

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ලසිත් මාලිංගද මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී නුවන් කුලසේකර කණ්ඩායමට එක්කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ඔහුත් සමගම එක්දින පිටියෙන් සමුගැනීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර නම්කර නොතිබුණි.

නුවන් කුලසේකර අවසන් වරට ශ්‍රී ලංකාව නියේජනය කර ඇත්තේ 2017 වසරේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =