බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා දිවුරුම් දීම අද

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකයා සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බොරිස් ජොන්සන් අද (24) දිවුරුම් දීමට නියමිතය.

කන්සවේටිව් නායකත්ව සටනින් ජය ගැනීමෙන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්විය. එක් ලක්‍ෂ හැට දහසක කන්සර්වේටිව් පාක්‍ෂිකයන් නායකයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දය ලබාදුන්නේය. ඉන් අනූ දෙදහස් එකසිය පනස් තුනක් ලබා ගනිමින් බොරිස් ජොන්සන් කන්සවේටිව් පක්‍ෂ නායකත්ව සටනේ ජයග්‍රාහකයා බවට පත්විය.

සියලු හැකියාවන් ප්‍රදර්ශනය කරන කැබිනට් මණ්ඩලයක් තමන් ගොඩනගන බව එම ජයග්‍රහණය ලැබු බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.

තෙරේසා මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය දෙවන එළිසබෙත් මහ රැජිණ වෙත අද දිනයේ දී භාරදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කියයි.

ඉන් අනතුරුව බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමීත බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *