සමන්තුරෙයි පුපුරන ද්‍රව්‍ය ගැන ඔත්තුව දුන්නාට ලක්ෂ 50ක් තෑගි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරුදින සිදු වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු සැපයු පුද්ගලයකු කළ සේවය ඇගයිමකට ලක්කර ඔහුට රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දිමට පොලිස්පතිවරයා අනුමැතිය ලබාදි තිබේ.

එම පුද්ගලයා ලබා දෙන ලද තොරතුරු මත 2019-04-26 වැනි දින සමන්තුරේ සෙන්ගල් ග්‍රාමය ප්‍ර දේශයේ නිවෙසක සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වු අතර ඔහු ලබා දෙන ලද තවත් තොරතුරක් මත එදිනම සමන්තුරේ නින්දවුරු ප්‍රදේශයේ නිවෙසක සගවා තිබු තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි විය.

ඒ අනුව මෙම පුද්ගලයා ලබා දෙන ලද තොරතුරුවල සාර්ථක භාවය සැළකිල්ලට ගනිමින් එක් තොරතුරක් වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි පහ බැගින් තොරතුරු දෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් මෙසේ පිරිනමනු ලබයි.

මෙම තොරතුරු ලබා දුන් මෙම පුද්ගලයා වෙනුවෙන් කිසිදු ඇගයිමක් කැර නොමැති බවට එම පුද්ගලයාගේ හඩ පටයද සමඟ ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත් විය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ පොලිස්පතිවරයා මෙම ත්‍යාග මුදල ලබා දිම සිදු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *