ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීමට රජය තීරණය කරයි.

ඒ අනුව, ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතිවීම වැළැක්වීම සඳහා එක්සත් රාජධානිය ඇතුළු රටවල පවතින නීති පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මිනිසුන් ත්‍රස්තවාදීන් වීම වැළැක්වීම හා ඉදිරියේදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතිවීම වැළැක්වීම සඳහා නව නෛතික ක්‍රියාමාර්ග හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් වන බැවින්, තාවකාලික සීමා කිරීම් නියෝග, ත්‍රස්තවාදය දිරිගැන්වීම තහනම් කිරීම හා නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම සහ ජෛවමිතික දත්ත පාලනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව‍ මෙම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *