තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යූහයක්

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යූහයක් ලබා ගැනීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.

මෙම නව වැටුප් ව්‍යූහයක් සකස් කිරීමේ කඩිනම් අවශ්‍යතාවය සම්බන්ධයෙන් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් .එච්.එම්.හලීම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කර අමාත්‍ය මණ්ඩලය වෙත මින් පෙර ඉදිරිපත් කර තිබූ අතර එය අමාත්‍ය මණ්ඩලය ,දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන,තැපැල් ඇතුළු සමස්ත රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින්පත් කරන ලද රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගැනීම පිණිස යොමු කර ඇත. එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන නිර්දේශ මෙන්ම වෙනත් සේවාවන් හා රාජ්‍ය ආයතන ගණනාවකට අදාළව සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් 2019 පෙබරවාරි 12 දින පැවති සිය රැස්වීමේදී එකී කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහ මූල්‍ය සමාලෝචනයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් සහ එයට සහාය වීම සඳහා නිලධාර් කමිටුවක් පත් කර ඇත. ‍එකී කමිටු වාර්තාව නුදුරු දිනයකදීම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, විසින් සලකා බලන ලද අතර වෙනත් සේවාවන් හා රාජ්‍ය ආයතන ගණනාවකට අදාළව රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාවේ නිර්දේශ ඉදිරිපත්ව ඇති බැවින් මේ අවස්ථාවේදී තැපැල් දෙපාර්තමේන්තුවට පමණක් අදාළවන පරිදි එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම යෝග්‍ය නොවන බැවින් ඉහත සඳහන් කළ පරිදි විශේෂ වැටුප් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවේ නිර්දේශ ලද වහාම තැපැල් දෙපාර්තමේන්තුවට අදාළව එකී කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ප්‍රමුඛතා පදනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *