නව සන්ධානය බිහිවෙන්නේ රට පෙරට ගෙන යන්නයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අගෝස්තු 05 දින එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය බිහිවනුයේ ඉදිරි අවුරුදු 05 තුළ රට පෙරට ගෙන යාමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (23) සීතාවක ‘සුඛිත පුරවර’ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල නගර මධ්‍යයේ පැවැති ජනහමුවක් අමතමිනි.

රුපියල් මිලියන 64ක වියදමින් ඉදිකරන ලද පාදුක්ක නාගරික ක්‍රීඩාංගනය විවෘත කිරිම, මුන්දිගල අරණ්‍ය සේනාසන මාර්ගය විවෘත කිරීම , අවිස්සාවේල්ල පොදු වෙළද සංකීර්ණයට මුල්ගල් තැබීම හා එහි වෙළද ප්‍රජාවට හිමිකම් පත් නිල වශයෙන් ප්‍රධානය කිරීම, සීතාවක නගර සංවර්ධනය යටතේ රුපියල් මිලියන 75ක වියදමින් ඉදිකරනල හංවැල්ල සති පොළ විවෘත කිරීම විවෘත කිරිම අගමැතිවරයා අතින් සිදු විය.

දේශපාලන පක්ෂවල අනන්‍යතාව තබාගනිමින් බිහිකරන නව සන්ධානයේ වැඩකටයුතු මේ වන විට අවසන් වී ඇති බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට එක්විය හැකි බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

රටේ සියලු ජනකොටස්වලට අනාගත පරපුරට සුදුසු ප්‍රතිපත්ති නව සන්ධානය තුළින් ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළ අගමැතිවරයා ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙනුයේ නව සන්ධානයක් ලෙස යැයි ද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

‘සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට යාමේ ශක්තිය වත්මන් දේශපාලන නායකයන්ට තිබිය යුතුයි. අලුතෙන් සිතමින් කටයුතු කරන්න ඕනෙ. 1977 දී අප අලුතෙන් සිතුවා. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී රට සංවර්ධනය කරනවා. එහිදී අපට ණයබර විසඳීමට සිදුවුණා. ගංවතුර, නියඟයන්ට මුහුණදීමට සිදුවුණා.

රටේ අනාගතය ගැන සිතා දේශපාලනඥයින් වෙනස් විය යුතුයි. රට ඉදිරියට ගෙන යාමේ විප්ලවකාරී පියවරක් ලෙස නව සන්ධානය බිහිවන බව’ ද අගමැතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *