සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

වාර්ෂිකව ජූලි මාසයේ දෙවන සතිය තුළ දිනකට සාමාන්‍යයෙන් සංචාරකයන් හාරදහසක් පැමිණ තිබේ. එය පළමු සතියේ සටහන් වූයේ තුන්දහස් දෙසීයක් ලෙස බව එම කාර්යාංශය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වන විට යථා තත්වයට පත්වෙමින් තිබේ. කෙසේ නමුත් පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජුලි මාසයේ සංචාරකයන්ගේ පැමිණීම සියයට හතළිස්පහටත් වඩා අඩු අගයක පවතින බවද වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *