(කොළඹ, ලංකාපුවත්) – හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජර්මනියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාට එරෙහිව එරට අධිකරණයක් හමුවේ චෝදනා ගොණුකර තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගත් එම සැකකරු, 40 හැවිරිදි නවනීදන් නමැත්තෙකු වන අතර මොහුට එරෙහිව තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරිම සම්බන්ධයෙන් ද චෝදනා ගොණු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2002 වසරේ සිට 2009 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ බුද්ධි ඒකකයට සම්බන්ධ වී කටයුතු කර ඇති මෙම සැකකරු 2005 වසරේ සිදු වූ ලක්ෂ්මන් කදිරගාමර් හිටපු අමාත්‍යවරයාගේ ඝාතනයට සම්බන්ධ අයෙකු බවට ජර්මානු ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.