බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –බංග්ලාදේශ කණ්ඩායම සමඟ හෙට(26) ආරම්භ විමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ක්‍රික‍ට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 17 දෙනෙක් ඇතුළත්ය.

එම සංචිතයට ලසිත් මාලිංගද ඇතුළව ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව ඇති අතර පළමු තරගයෙන් අනතුරුව විශ්‍රාම ගත් පසු දෙවැනි තරඟයේ සිට සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඇතුළත් කිරිම සඳහා නම් කර ඇත.

ඒ අනුව නම් කෙරුණු සංචිතයට මෙසෙයි.

දිමුත් කරුණාරත්න – නායක

කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, අකිල ධනංජය, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රජිත, දසුන් ශානක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *