මරණ දඩුවම ගැන මත විමසීමක්

(කොළඹ, ලංකාපුවත්) – මරණ දඩුවම ලබා දීම පිළිබඳ ජනතාවගේ මත විමසීමක් ජනාධිපති කාර්යාලය විසින් ආරම්භ කර තිබේ. මෙම මත විමසීම සිදු කරනු ලබනුයේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීවයි.

ප්‍රදර්ශන භූමියේ ඇති ජනාධිපති කාර්යාලය ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටියේ දී මෙම මත විමසීම සිදු කරනු ලැබේ. ‘කුඩු ඡාවාරම්කරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට, මිනී මරුවන්ට මරණදඩුවම දිය යුතු ද?‘ යන්න මෙහිදී විමසීමට ලක් කෙරේ. එයට අවශ ප්‍රතිචාර විශේෂ ස්පර්ශක තිරයක් භාවිතයෙන් ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැනි දිනය(25) අදයි. ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හා රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීපකරවීම මෙම ප්‍රදර්ශනයේ අරමුණ වේ.

පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එය නැරඹීමට පැමිණෙමින් සිටී. රජරටින් ව්‍යවසායකයින් විසිදහසක් බිහි කිරීම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *