යාපනය සරසවියේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමකින් 11කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) –යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිළිනොච්චිය පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ සිසුන් සහ පළමු වසර සිසුන් අතර බහින් බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුවී ඇති බවට තොරතුරු වාර්තාවේ. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කරනු ඇති බවද එම වාර්තා සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *