යාල වනෝද්‍යානයේ වෙඩි හුවමාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – කතරගම පොලිස් වසමේ යාල වනෝද්‍යානයේ නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි පිරිසක් හා වනජීවී නිලධාරීන් අතර ඊයේ (25) වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ යාල කලාප අංක 03 ප්‍රදේශයේ මැණික් ගගේ මෙම පිරිස නිතිවිරෝධි අයුරින් මැණික් ගරමින් සිට ඇති බවයි.

වනජීවි නිලධාරින් විසින් සිදුකල වෙඩි තැබිමෙන් ජාවාරම්කරුවෙකුට වෙඩි වැදී ඇති අතර ඔහුද කැටුව නීති විරෝධිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පළා ගොස් ඇත.

තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචි චානක අරවින්ද නැමැති අයෙකි.

ඔහු මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. සිදුවිම වු ස්ථානයේ තිබී ජංගම දුරකතන 03ක් ඇතුළු මැණික් ගැරීමට යොදා ගත් උපකරණ කිහිපයක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 20 =