වෛද්‍ය සාෆිට ඇප

(කොළඹ, ලංකාපුවත්) –ගැබිනි මව්වරුන් සිසේරියන් සැත්කමට ලක් කරන අවස්ථාවේ වන්ද්‍යකරණයට ලක් කර ඇති බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ඇප මත නිදහස් කිරීමට ඊයේ (25) කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් වෛද්‍ය සාෆිට ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බවට ප්‍රකාශ කළ නිසා මෙම ඇප ලබා දීම සිදුවිය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප 4ක් මත වෛද්‍ය සාෆි නිදහස් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + eight =