ජැක්ලින් ඩිජිටල් ලෝකයේ තවත් පෙරළියකට එයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රූ රැජිනක් හා බොලිවුඩ් තරුවක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් මේ වන විට ඩිජිටල් ලෝකය තුළ ඉතා ජනප්‍රියත්වයට පත් නිළියකි.

ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් තුළ ඉතා ඉහළ ප්‍රේක්ෂක රසිකත්වයක් හිමි ජැක්ලින් පසුගියදා ඩිජිටල් ලෝකයේ නව පිම්මක් සනිටුහන් කරමින් සිය Youtube නාලිකාව ආරම්භ කර තිබුනි.

ජැක්ලින් විසින් සිය නාලිකාවට එක්කළ පළමු වීඩියෝවේ ඇගේ ළමා කාලය, ඇගේ දෙමාපියන්, නිරූපිකාවක් වශයෙන් වේදිකාවට එක් වූ පළමු අවස්ථාව හා මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පළඳින මොහොත ඇතුළු ඇගේ ජීවිතේ විශේෂ අවස්ථා ඇතුළත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *