යාල වනෝද්‍යානයේ කලාප අංක 01 වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික උද්‍යානයේ කලාප 01 කොටස සැප්තැම්බර් මස 01 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා කාලය තුළදී සංචාරකයන්ට වසා තැබීමටත් නොවැම්බර් 01 දා වන දින යළිත් සංචාරකයන් සඳහා විවෘත කිරීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

යාල ජාතික උද්‍යානයේ ජීවත්වන සතුන්ගේ ස්වාභාවික චර්යා රටාවන් හා වාසස්ථාන යථාතත්වයට පත්වීම සඳහාත් උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙනුත් මෙම කාල සීමාව තුළදී මූලිකත්වය ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන අතරින් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ජාතික උද්‍යානය යාල ජාතික වනෝද්‍යානය වේ. උද්‍යානය වාර්ෂිකව මෙම කාලයේදී වසා තැබෙන අතර උද්‍යානයට ලැබෙන වර්ෂාපතන අනුව එම වසා තබන කාලසීමාව අඩු – වැඩිවීම හෝ සංචාරකයන් සඳහා විවෘතව තැබීම තීරණය කරන බවව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *