සර්වෝදය ‘දේශෝදය මීලඟ පරපුර‘ තරුණනායකත්වයට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – වසර 60 කට වැඩි කාලයක් දිවයිනේ සියළු පරිපාලන දිස්ත්‍රික්කයන් ආවරණයවන පරිදි ක්‍රියාත්මක වන ප්‍රජා මූලීක දේශිය සංවර්ධන ආයතනයක්වන සර්වෝදය ව්‍යාපාරය එහි සංවර්ධන ප්‍රවේශයන් අතුරින් දේශපාලන සංවර්ධනය ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මකවන දේශෝදය වැඩසටහන සර්වෝදය ව්‍යාපාරය යටතේ වසර 10 කටවැඩිකාලයක සිට ක්‍රියාත්මකවේ.

එම වැඩසටහන ප්‍රධාන වශයෙන් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, මනා රාජ්‍ය පාලනය, සමාජඒකාබද්ධතාව සහ සම්මුතිවාදි දේශපාලනය අරමුණු කරගනිමින් වැඩසටහන් සිදුකරන අතර එම අරමුණු ක්‍රියාත්මක කිරීම උදෙසා රටට අවශ්‍ය කරන නව තරුණ නායකයින් නිර්මාණය කිරීමේ අරමුණින් දේශෝදය මීලඟ පරපුර වැඩසටහන මෙම වසරේදී ආරම්භ කර තිබේ.

මෙම වැඩසටහනේ තරුණ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ පත්වීමේ ලිපි ප්‍රදානයත්, දිවයිනේ තෝරාගත් දිස්ත්‍රිත් 11ක තරුණ තරුණියන්40දෙනෙකු හට දිනහතරක නේවාසික පුහුණු වැඩසටහනක් ද පසුගියදා බණ්රගම සර්වෝදය උසස් අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.

තරුණ කණ්ඩායම්වල නායකත්වය සහ ප්‍රාදේශීය ගැටළු විසදීම සඳහා දේශපාලන සහභාගිත්වයට අදාළ කරන ධාරිතාවයන් වර්ධනය කිරිම වසරක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩසටහන සඳහා තවත් පුහුණු වැඩසටහන් ඇතුළත් වනඅතර, පසුව තිරසාර සංවර්ධන ඉලක්කයන් පාදකකර ගනිමින් තම ප්‍රදේශයන්හි ගැටළු විසඳීමේ කුඩා ව්‍යාපෘතින් ද දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙම වැඩසටහන උතුරු පළාතේ යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්කවලත්, මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවලත්,ගාල්ල, මාතර,හම්බන්තොට යන දිස්ත්‍රික් වල කේන්ද්‍රගත වෙමින් දකුණු පළාත තුළත් ක්‍රියාත්මකවෙයි.

නව තරුණනායකත්වයන් නිර්මාණය කිරීම සහ ඔවුන්ගේ ධාරීතාවයන් වර්ධනය කිරීම, ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන ක්‍රියාවලීන් සඳහා දායකවීමට තරුණ තරුණියන්ගේ හැකියාවන් වර්ධනය කිරිම, තීරණ ගැනීමේ ක්‍රියාවලින් සඳහා සිවිල් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරිමට තරුණනායකයින් ජාල ගතකිරීමත් දේශෝදය මීලඟ පරපුර වැඩසටහන යටතේ සිදුකෙරෙන අතරම තිරසාර සංවර්ධන ඉලක්ක අරමුණුකර ගනිමින් ප්‍රාදේශීය සංවර්ධන ගැටළු විසදිම සඳහා තරුණ නායකයින්ගේ මැදිහත්කරවීමත්, තරුණනායකයින් ප්‍රාදේශීය හා ජාතික වශයෙන් අදාළ වන පාර්ශවකරුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමත් දේශෝදය මීලඟ පරපුර වැඩසටහන යටතේ සර්වෝදය ව්‍යාපාරය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *