එජාප ජනපති අපේක්ෂකයා එළිදක්වන කාලය ඇමති රවී කියයි

(කොළඹ, ලංකාපුවත්) – අගොස්තු අග හෝ සැප්තැම්බර් වෙද්දි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කව්ද කියලා ප්‍රකාශයට පත් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා එස්.එස්. ද ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමෙන් අනතරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

විදුලිබල මණ්ඩලයේ තිබූ අඩුපාඩු, දූෂණ , අක්‍රමිකතා නැතිකරගනිමින්. පාඩුව අවම කරගනිමින් යන ගමනක් තමයි අපි මේ යන්නේ. මේ වෙද්දි යම්තාක් දුරකට විදුලිබල මණ්ඩලයේ තිබූ දේවල් වෙනස් කරන්න අපිට හැකි වෙලා තිබෙනවා. ඒ ගැන නිවැරදිව මණ්ඩලයේ සේවකයන්ගෙන් දැනගන්න පුලූවන් වේවි. අපි ලංවිම තුළ සිදුකරන සුවිශේෂි වෙනස්කම් තුළින් මණ්ඩලය පමණක් නොවෙයි පාරිභෝගික ජනතාවටත් වඩාත් සුරක්ෂිත හෙට දිනක් උදා කරන්නය අපි කටයුතු කරන්නේ” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *